සුනඛයින්ට හෝටලයක්


(කේ. බුද්ධික කුමාරසිරි)

සුරතල් සුනඛයින් සඳහාම වෙන් වූ වායු සමීකරණය කරන ලද කාමර සහිත පළමු හෝටලය හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පසුගියදා විවෘත විය.

මෙම හෝටලය තුළ තමන්ගේ සුරතල් සුනඛයින්ට නවතා තබා යාමට හැකියාව ඇති අතර එහිදී සුඛෝපභෝගී වායු සමීකරණය කරන ලද කාමරවල එම සුනඛයන්ට නවතම පහසුකම් හිමි වේ.
එසේම එම සුනඛයින් සඳහා පිහිනුම් තටාක පහසුකම් ආහාර ඖෂධ විශේෂ පුහුණුවීම් ආදිය මෙම හෝටලයේදී ලබාදීමට සැලසුම් කර ඇති අතර එම සුනඛයින්ගේ උපන්දින සාද ආදිය පැවැත්වීමට ද සුනඛයෙන් සමඟ කාලය ගත කිරීමට කැමති පුද්ගලයින් සඳහා එම අවස්ථාවන් ලබාදීම ද මෙහිදී සිදු කෙරේ.

තවද සිනමා පට සහ ටෙලි නාට්‍ය සඳහා අවශ්‍ය සුනඛයින් පුහුණු කර ලබාදීමද මෙම හෝටලයෙන් ලබාගත හැකි සේවාවන් අතර වේ. අදාළ හෝටලය විවෘත කිරීමෙන් අනතුරුව සුරූපී නිරූපණ ශිල්පින් සමගින් සුනඛයින් කුරුල්ලන් මාළුවන් ආදී සතුන් සමග මෝස්තර නිරූපණ දැක්මක්ද සිදුවිය .