ව්‍යාපාරිකා සුදර්මා නෙත්තිකුමාරට එරෙහිව නිකුත් කළ වරෙන්තුව අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ආපසු කැඳැවීය.
නෙත්තිකුමාර මහත්මිය අද අධිකරණයට ඉදිරිපත් වුවාය.
ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ පන්නිපිටියේ සමන්ත දිල්රුක්ෂණ නම් ව්‍යාපාරිකයාගෙන් ගත් බව කියන රුපියල් ලක්ෂ පනහක් ලාභාංශ ද සහිතව නොගෙවීමෙන් විශ්වාසය කඩ කළැයි කැර ඇති පැමිණීල්ල උපදෙස් පතා නීතීපති ට යොමු කැර ඇති බවයි.
එම උපදෙස් ලැබෙන තුරු ඇය සැකකාරියක නොවන බව කී නීතීඥවරයා ඇයට එරෙහි වරෙන්තුව ඉවත් කරන්නැයි ද ඉල්ලා සිටියේය.
ඒ අනුව වරෙන්තුව ආපසු කැඳැවු මහේස්ත්‍රාත් ඇයට පැවසුයේ යළි දැනුම් දුන් විටක අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

