සුදු හඳුන් මල්ල දමා දුවයි


සුඳු හඳුන් කිලෝ 20ක් දුම්රියෙන් පේරාදෙණියට රැගෙන යෑමට ආ බදුල්ලේ වැසියකු ලූහුබැද අල්ලා පොලිසියට බාරදීමට මාතලේ දුම්රිය සේවකයෝ සමත් වූහ. ඔහු අත වූ බෑගය ගැන සැක පහළ කළ විට ඔහු එය දමා පැන දුවන්නට විය. දුම්රියෙන් පේරාදෙණියට පැමිණ නාවලපිටිය දක්වා යාමට ඔහු එන්නට ඇතැයි පොලිසිය කියයි.