සුදු වෑන් ඇතුළු විවිධ ක්‍රම මඟින් ගිය රජය කාලයේ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව වහාම පරීක්ෂණයක් අරඹා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස ඉල්ලමින් එම අතුරුදන් වූවන්ගේ ඥාතීහු පිරිසක් අද (27) කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
පෙරටුගාමී පක්ෂයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.




