සුදු වෑන් නෑ : බොරු බිය එපා


ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බවට බොරු භීතියක් ඇති නොකරන්නැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට අද පැවසීය. මාධ්‍යවේදීන් පිරිසක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇති බවට පුවත්පතක පලවී ඇතැයි ගුණවර්ධන මහතා කීවේය.

‘‘දැන් සුදු වෑනුත් නැහැ. කොණ්ඩයෙන් භාගයක් කපන්නෙත් නෑ. රැවුලෙන් අඩක් කපන්නෙත් නැහැ. බයේ රටින් පනින්න ඕනත් නැහැ.“ යැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කීය.