සුදු පෙම්වතිය සාක්කි දෙයි


තම පෙම්වතාට පහර දුන් පුද්ගලයා තංගල්ල උසාවියේදී හඳුනාගත් නමුත් ජීවිතයට ඇති බිය නිසා ඔහු නොපෙන්වු බව වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොනා කොළඹ මහාධිකරණ විනිසුරු රෝහණි වල්ගම මහත්මිය ඉදිරියේ සාක්කි දෙමින් ප්‍රකාශ කළාය.

ඇගේ පෙම්වතා වන බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් තංගල්ල රිසෝට් හෝටලයේදී 2011 දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ ඝාතනය කිරීමේ නඩුවේ දී ඇය සාක්කි දුන්නාය.

ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය,තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාන පතිරණ,ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන්,හා ප්‍රගීත් චතුරංග සැකකරුවෝය.

වික්ටෝරියාගේ පෙම්වතා මරා දැමිම හා ඇය කෙළෙසී යැයි ඔවුහු චෝදනා ලබා සිටිති.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ ඇය සාක්කි දුන්නාය.

ඇය මෙසේද කීවාය.

‘ශිෂ්‍යත්වයක් මත අධ්‍යාපනය සදහා  උතුරු කොරියාවට ගොස් සිටියදී මට ෂයික් හමු වුණා.ෂයික් ඒ කාලේ උතුරු කොරියාවේ රතු කුරුසේ වැඩ කළා.වසර දෙකහමාරක්ම අපි පෙම්වත්තු වීමු.2012 දී  විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියෙමු.’

‘මම දෙවරක් ශ්‍රි ලංකාවට පැමිණියා.2011 පෙබරවාරි 17 වැනිදා අපි දෙදෙනාම පැමිණ තංගල්ල රිසෝට්  හෝටලයේ නැවතුණා.’

‘දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ සාදයක් තිබුණා.ඊට සහභාගී වු අය ශාලාවේ ඩාන්ස් කරමින් සිටියා.මැදියම් රැයේ ෂයික් හා මා අතර ආරවුලක් ඇති වුණා.ඉන් පසු ෂයික් මා සමග කතා කළේ නැහැ.මම බිම වාඩි වී ඇඩුවා.’

‘අප නතර වී සිටි කාමරයට ගියා.එය තිබු‍ණේ නාන තටාකය ළඟ.එතැන සිටි පුද්ගලයා අඩන්නේ ඇයි දැයි මගෙන් ඇසුවා . එවිට මා බය වුණා.කාමරයට දිව්වා. පිරිසක් එහිදි මට පහර දුන්නා. පිහිනුම් තටාකයටත් තල්ලු කළා.’

‘මා වැටුණේ තටාකයේ වතුර අඩු කොටසට.ඉන් ගොඩවීමට හදද්දී යළිත් මිනිහකු මා තල්ලු කළා.කණ්ඩායමක් සමඟ එතැන් සිටි මිනිහෙක් මගේ ඔළුවට පයින් ගැහුවා .යළිත් මා වතුරට වැටුණා.

පිහිනුම් තටාකයේ ගැඹුරු ප්‍රදේශයේ සිට අමාරුවෙන් ගොඩට ආවා.

ෂයික්ට  කෑ ගැහුවා.’

‘ඒ අවස්ථාවේ ෂයික් බිම වැටී සිටියා .මා එහි ගියා.ඔහුට සිහිය තිබුණේ නෑ.මුහණේ කැපුම් තුවාල තිබුණා.’

‘ෂයික් මගේ උකුලට ගත්තා මටත් සිහි නැති වුණා.මට සිහිය ආවේ මාතර රෝහලේදී.මගේ සාය ඉඟ ළගට පහත් කර තිබුණා.ළය ප්‍රදේශය ටී ෂර්ටයකින් වසා තිබුණා යට ඇදුම් ඉවත් කර තිබුණා.

පසුව මා කරාපිටිය පිටිය රෝහලට යැව්වා.’

‘ෂයික් මළ බව එහිදී දොස්තරවරයෙක් කිව්වා.කරාපිටියෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළා.තවමත් මා තුවාල වලට බෙහෙත් ගන්නවා.මට පහර දුන්නේ ඕ ඒ ළහිරු කැලුම් .’

වැඩි දුර විභාගය කල් තැබිණි.