මේ කැලිෆෝනියාවේ ජීවත් වන මධ්‍යම පංතියට අයත් පවුලකි. ගෘහ මූලිකයා ක්‍රිස්ටිය. 43 හැවිරිදිය. බිරි ඩෙවෝන්ය.
ඔවුන්ට සිටින දරුවන් සංඛ්‍යාව 16කි. ඉන් පිරිමි නව දෙනෙකි. හත් දෙනෙක් ගැහැණු දරුවෝය.
වැඩිමලා පුතෙකි. වයස අවුරුදු 23කි.
බාලයාට දෑවුරුද්දකි. තවත් දරුවන් දෙදෙනකු බිරිඳගේ කුසේ ගබ්සා වූ බව ක්‍රිස්ටි පවසයි. ඔහු කියන්නේ තම පවුලට දරුවන් 20ක් අවශ්‍ය බවය.
බිරිඳ ඩෙවොන් ඊට සූදානම්ය.
‘දරුවන් බිහි කිරීම මට දැන් පුරුද්දක් වෙලා. වෙන ගැනුන්ට වගේ උදේට හැදෙන වමනය, ඕක්කාරය මට නෑ‘ ඇය කියන්නීය.