ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජාව මෙවර ද ඉතා උසස් ලෙස ග්ලාස්ගෝ නගරයේ දී පැවැත්විණි.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති ග්ලාස්ගෝ විශ්ව විදයාලයයේ බෞද්ධ උපදේශක කඹුරාවල සිරි රේවත නාහිමියන්ගේ උපදේශකත්වයෙන් සිදුවූ මෙම පින්කම සඳහා බර්මින්හැම් ජේතවන විහාරය, නොටින්හැම් ශාන්ති විහාරය, ලෙච්වර්ත් බෞද්ධ විහාරය ආදී විහාරස්ථාන රැසකින් මහා සංඝරත්නය වැඩම කළහ.
ශ්‍රී ලංකාවේ සිට ජාතික සංඝ සම්මේලනයේ ලේකම් දොඩංගොඩ සරානන්ද හිමි සහ රාජ්‍ය සම්මාන ලාභී ලේඛක බටුවන්ගල රාහුල හිමියෝ ද වැඩම කළහ.
ස්කොට්ලන්තයේ ඇබර්ඩින්, එඩින්බර්ග්, ඉන්වෙනස්, ස්ටර්ලින් ආදී ඉතා දුරබැහැර ප්‍රෙද්ශවල සිට ශ්‍රී ලාංකිකයෝ පැමිණියහ.
එදින ස්කොට්ලන්ත වැසියෝ කීප දෙනෙක් බුදු දහම වැළැඳ ගත්හ.
සධාතුක කරඬුව වැඩම කිරීම ඔවුන් අතින් සිදු විය.