සුදු චරිත කළු වන විට දිගහැරෙන ඛේදාන්තය තමයි Her story


නදීර සේනානායකගේ  කුලුඳුල් චිත්‍රපටය නුදුරේදී රූගත කිරීම් ඇරඹීමට නියමිතය. එය Her story නමින් නම්කර ඇති අතර එහි ඉදිරි වැඩකටයුතු පිළිබඳව කතාබස් කරනට නදීර සේනානායක අපි අදට සම්බන්ධ කරගතිමු.

20170117Nadeera-1ඇගේ කතාව

ඒකීය ධාරවක පැතිර යන දිනයක් පුරා පැතිර යන කතන්දරයක් තමයි Her story යනමගේ කුලුඳුල් සිනමා පටයේදී දිගහැරෙන්නේ. සුවපහසු ජීවිතයක් ගෙවන ලේඛිකාවකගේ සාදයක් පුරා දිගහැරෙන ප්‍රේමණීය අන්දරයක ඛේදාන්තයක් දක්වා මෙය විහිදෙනවා. ස්වාධීන සාදය පුරා මතවාදීමය ගැටලු ඔස්සේ දිවෙමින් ආදර කතාවක් බවට පත් කෙරෙන ජීවිත දෙකක් එක් මොහොතකදී ඛේදාන්තයක් වන ආකාරය සිහිගැන්වෙන කතාපුවතක් ඔස්සේයි මෙම සිනමාපටය මා නිර්මාණය කරන්නෙ. ඉහළ සමාජ ස්ථර දෙකක් ජීවත්වන සුදු චරිත දෙකක් විවිධ සංසිද්ධීන් ඔස්සේ කළු චරිත බවට පත්වෙන ආකාරයත්,ජාගර මානසිකත්වයන් අවදි වූ විට හැසිරෙන ආකාරයත් මෙම සිනමා පටය ඔස්සේ දිගහරින්නයි මගේ වෑයම. මහත්තයෙක් ඇතුළෙ ඉන්න පජාති මිනිහා සහ ස්ත්‍රියක් ඇතුළෙ ඉන්න දරුණු ගැහැනිය තමයි ඛේදාන්තයේදී Her story මගින් දිගහැරෙන්නෙ. මෙහි වීරයො කිසිවෙක් දකින්න නෑ.

තේමාව සහ පිටපත

මෙහි තේමාව සහ සංකල්පය මගේ. එම පිටපත ලියන්නෙ ලක්මිණි ගුරුසිංහ. එහි වැඩකටයුතු බොහෝ දුරට අවසන්. මෙහි එක් තැනක පමණයි ගීතයක් යොදාගන්නෙත්. අනෙත් කිසිම තැනක ගීත යොදාගන්නෙ නෑ. එම ගීතයත් යොදාගන්නෙ පාටියේ ඩාන්ස් එකේදී පමණයි. දෙබස් සියල්ල යථාර්ථවාදී ලෙස තමයි ඉදිරිපත් කරන්නෙ. වැදගත් සමාජ භූමිකාවක් ඔස්සේ ජීවත්වන පිරිසක් අතරින් තමයි ආභ්‍යන්තරික මිනිසා දිගහැරෙන්නෙ. 

මෙහි කතා සාරාංශය UK Mafaaනම් ආයතනයට. එය එංගලන්තයේ මිඩ්ල්සෙක්ස්වල තිබෙන ලියාපදිංචි ආයතනයක්. එම UK Mafaaආයතනයට පිටපත යැව්වාම ඔවුන් කැමති වුණා. මුල් පිටපතට ඔවුන් එකඟ වෙලා නිෂ්පාදන කටයුත්තට මුදල් යොදවන්න සූදානම් බවට ඔවුන් මට දැනුම් දී තිබෙනවා. ඒ අනුව UK Mafaaආයතනය තමයි මෙහි නිෂ්පාදන කටයුත්ත සිදු කරන්නෙ. මෙහි ප්‍රධාන චරිතයට ස්පාඤ්ඤ නිළි ඇල්බෙනාව තමයි යොදාගන්න ඉන්නේ. ඇය මීට පෙර මෙවැනිම යථාර්ථවාදී සිනමාපටයක රඟපා තිබෙනවා. සෙසු චරිත පවා මේ වනවිට සැලසුම් කරලයි තිබෙන්නේ. මෙහි වැඩිපුරම වචනවලට වඩා හැඟීම් දෙසටයි අවධානය යොමු කරන්නේ.  මෙහි සංගීතය මෙහෙයවන්නේ දර්ශන අශෝක කුමාර. මෙහි සංස්කරණ කටයුතු කරන්නේ එංගලන්තයේදීයි. පසු නිෂ්පාදන කටයුතු සියල්ල සිදුවන්නේද එංගලන්තයේදීයි. ඒ සියල්ල UK Mafaaආයතනය ඔස්සේ සිදුවන කාරණායි. කැමරාව මෙහෙයවන්නේ චන්න දේශප්‍රිය විසිනුයි..

20170117Nadeera-2ක්ෂේත්‍රයට පිවිසීම

මම 2006 දී චිත්‍රපට සංස්ථාවේ සිනමාව ගැන සහතික පත්‍ර පාඨමාලවක් හැදෑරුවා. එය මෙහෙයවූයේ ෂෙල්ටන් පයාගලයන් විසිනුයි. පසුව එහි ඩිප්ලෝමාව හැදෑරුවා. පසුකාලයේදී චන්න දේශප්‍රියත් සමග නිර්මාණකටයුතුවලට දායක වෙනවා. ඒ කාලයේදී තමයි මම ගන්ධබ්බ සමාගම කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. එය ලංකාවේ සිනමා උලෙළෙවල් කිහිපයකට ඉදරිපත් කළා. පසුව තවත් චිත්‍රපටයක් Blind Fall නමින් නිර්මාණය කළා. එම චිත්‍රපටයත් චිත්‍රපට උලෙළවල් කිහිපයක්ම නියෝජනය කළා. අනතුරුව මියුසික් වීඩියෝ නිර්මාණකරණයට පිවිසුනා. එහි කියවීමේ හැකියාවක් තිබෙන නිසා සම්මතයට පටහැණි රූපයකට ගලපන්න උත්සාහ කළා. ගැලපෙන්නැති තැනකදී අලුත් දෙයක් නිර්මාණය වෙනවා. එවැනි නිර්මාණ අටක් තිබෙනවා. රංගමල් දේවි, ඇසේ ඇසේ ,පිදූ මල් , සුවඳ අරන් ආ ආදී නිර්මාණ දෙස බැලුවොත් මගේ නිර්මාණවල වෙනස දකින්න ලැබේවි.මෙය පැය එකහමාරක් පුරා දිවෙන සිනමා පටයක්. මෙහි රූගත කිරීම එළඹෙන අගෝස්තුවේදී සිදුකරන අතර 2018 පෙබරවාරි මාසයේදී මෙම සිනමාපටය එළිදැකීමට නියමිතයි.

0778995089

 

සටහන ඉඳුනිල් සින්දු