සුදු කැස්බෑවකු සොරා ගත්තැයි අසත්‍ය පැමිණිල්ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කොස්ගොඩ සුදු කැස්බෑ හිමිකරු චන්ද්‍රසිරි ආබෘ රුපියල් 15000 මුදල් ඇප දෙකක් හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
ඔහුගේ සේවක දමින්ද නාමල් කුමාරට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම විය.
කැස්බෑ හිමිකරුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස මහේස්ත්‍රාත් නියම කළේය.
වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත කඩ කළැයි ඔහුට විරුද්ධව තවත් චෝදනාවක් ඔහුට ඉදිරිපත් විය. එම චෝදනාවට දෙදෙනාටම රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප නියම විය.
පෙබරවාරි 19 වැනි දා නැවත නඩුව කැඳවීමට නියමිතය.
(වීඩියෝ - දීපාල් සිල්වා)