සුදු කැස්බෑ සිද්ධිය හතර බීරී කතාවක්


කොස්ගොඩ හිද්දොරුව කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරු චන්ද්‍රසිරි ආබෘ  කැස්බෑවකු නැති වීම ගැන පොලීසියට  අසත්‍ය පැමිණිල්ලක් කැර අත්දැයි පරීක්ෂණ පවත්වන බවත් ඔහු අසත්‍ය පැමිණිල්ලක් කැර ඇති බව හෙළි වුහොත් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

අබෘගේ දියණියගේ අම්බලන්ගොඩ නිවසට දින තුනකට වරක් මුහුදු වතුර රැගෙන යන බවට ලද තොරතුරක් මත එම ගෙදරින් සුදු කැස්බෑවකු  සොයාගත් බවත් පොලීසිය කියයි.

එහෙත් ආබෘගේ පැමිණිල්ල අනුව අතුරුදන්වු බව කියන කැස්බෑවාගේ බර කිලෝ නවයහමාරකි.

දුවගේ ගෙදරින් සොයාගත්  කැස්බෑවගේ බර කිලෝ පහ හමාරක් බවත් තමා මිලදී ගැනීමට පැමිණියේ මෙම කැස්බෑවා බවත් ගායන ශිල්පී අමල් පෙරේරා හදුනාගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මේ කරුණු පැහැදිලි කැර ගැනීමට ආබෘගෙන් ප්‍රකාශයක් ගත යුතුව ඇති නමුත් ඔහු රෝහල් ගත කැර ඇති බව ඥාතීන් පවසා ඇතැයි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.