සුදු කැස්බෑ පරීක්ෂණය අවසන්


කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ  සුදු කැස්බෑවකු නැතී වි යැයි කියන සිද්ධිය ගැන පොලීසිය  දොළොස් දෙනකුගෙන් කට උත්තර ලියාගෙන ඇත.

පරීක්ෂණ සියල්ල අවසන් බවත් පරීක්ෂණ  මෙහෙයවන මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ කාර්යාල ආරංචි කියයි.

මෙම මධ්‍යස්ථානයේ  සුදු කැස්බෑවුන් පස් දෙනකු සිටි බවද එක් කැස්බෑවකු මියගොස් ඇති බවද  පරීක්ෂණවලදී හෙළි වී ඇත.මේ අනුව තවත් සුදු කැස්බෑවන් හතර දෙනකු එහි සිටින බව පොලීසිය පවසයි.

මධ්‍යාස්ථානය හිමි චන්ද්‍රසිරි ආබ්‍රේව් පවසනුයේ නැති වු කැස්බෑවා සොයා දේවාල කෝවිල් වලට යාමට සිදු වී ඇති බවයි.

ඔහු අද  පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පැවසුයේ  එම කැස්බෑවා නැති වීම ගැන කැස්බෑවා තමාගෙන් මිලට ගැනීමට ඉල්ලු කිසිවකු සැකයට ලක් නොකරන බවයි.

එහෙත් ඔවුන් නිදොස් නොකරන බවද ඔහු කියයි.