( ශාන්ත චන්ද්‍රසිරි )
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල ප්‍රදේශයේදී සුදුඉර මතින් මාර්ගය හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකු ලොරි රථයක ගැටීම හේතුවෙන් අද (28) ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රදැල්ල, සමර්සෙට් වත්තේ ලෑන්ඩේල් කොටසේ පදිංචිව සිටි රාජු ක්‍රිෂ්ණකුමාර් (33) නැමැති අයෙකුය.
මෙම පුද්ගලයා මාර්ගය හරහා සුදු ඉර මතින් ගමන් කරමින් සිටියදී වේගයෙන් පැමිණි ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා ඇති අතර, ඉන් අනතුරුව එම ලොරි රථයෙන්ම ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් තිබේ.

