මැලේසියාවේ ක්වාලාලම්පුර් නගරයේදී මේ මස 19 දා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 13 වන සුදීර්මන් කුසලාන බැඞ්මින්ටන් තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වෙයි.
නිලූක කරුණාරත්න නායකත්වය දරන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම මේ මස 15 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ප‍්‍රින්ස්ලි කුක් මහතාද, පුහුණුකරු වශයෙන් බැඞ්මින්ටන් ජාතික පුහුණුකරු ශන්කර් අන්නමෙලෙයි මහතාද මෙම සංචාරයට සහභාගි වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේදී යුක්රේනය, නවසීලන්තය, තුර්කිය හා පිලිපීනය යන රටවල කණ්ඩායම් වලට එරෙහිව තරග වැදීමට නියමිතව ඇත.
ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම
නිලූක කරුණාරත්න (නායක), දිනුක කරුණාරත්න, දිලූක කරුණාරත්න, ලසිත මේනක කරුණාතිලක, ලේඛා ශෙහානි, කවිදි ඉංෂාදිකා, ඕෂදී කුරුප්පු සහ චන්ද්‍රිකා ද සිල්වා