පසුගිය අප්‍රේල් 16 වැනිදා බන්ධනාගාර අත්අඩංගුවේ සිටියදී නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියෙන් පැන ගිය බව කියන සුනන්ද හෙවත් සුද්දා නම් සිරකරු මහරගමදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මහරගම , හෝමාගම,පිලියන්දල ,පිටකොටුව හා තංගල්ල පොලිසි පහක නඩු තිහක් ඇති ඔහු අත්අඩංගුව ගැනීම සදහා වරෙන්තු තිහක්ද නිකුත් කර ඇත. ඔහු ගිනි අවි හා බෝම්බ සම්බන්ධ නඩු හබ වලට පැටලී ඇතැයි පොලීසිය කියයි.