දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන සුවිශාල කැපවීම සහ උනන්දුව අගය කිරීම සඳහා වු මා පිය සම්මානයක් බ්‍රිතන්‍ය ශ්‍රී ලාංකික යුවළකට බ්‍රිතාන්‍යයෙන් පිරි නැමිණි.
දෙවසරකට වරක් මෙම සම්මාන උළෙල පවත්වනුයේ මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නසීර් අහමඩ් සාමීවරයාගේ උදේශකත්වයෙනි.
බ්‍රිතාන්‍යයේ ෙව්‍යාපාරික කටයුතුවල නිතර ශ්‍රී ලාංකික මා පිය යුවළක් වන මාධව රන්මණ්ඩල සහ දිල්හානී ගුණවර්ධන මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ දිනුර රන්මණ්ඩල සහ වෙනුර රන්මණ්ඩල යන තම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන දස්කම් වෙනුවෙන් ඔවුන් දක්වන උනන්දුව කැපවීම හා ආදර්ශවත් වැඩපිළිවෙළ අධික්ෂණය කිරීමෙනි.
අධ්‍යාපනයේ අවශ්‍යතාව සහ වැදගත්කම අවබෝධ කරමින් ඒ වෙනුවෙන් තම දරුවන් යොමු කරමින් මහත් කැපවීමක් කරන දෙමව්පියන් අගය කරනු වස් බ්‍රිතාන්‍ය සාමී මන්ත්‍රී මණ්ඩල සම්මානය මෙවර මාපිය ජෝඩු හතරකට හිමි විය.
ශ්‍රී ලාංකිය මා පිය යුවළකට එම සම්මානය හිමි වුයේ ප්‍රථම වතාවටය.

