සුජාතා දියණිය මුල් තැනට


උත්සාහය බලාපොරොත්තුව  හා  පාසල කෙරෙහි තැබු විශ්වාසය නිසා මට මේ ජයග්‍රණය ලැබීමට හැකි වුවා යැයි  මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර  උසස්  පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය හිමි කර ගත්  මාතර සුජාතා බාලිකා විද්‍යාලයයේ එච් ජී  හිරුණි උදාරා (19) සිසුවිය පැවසුවාය.

ඇය අපොස සා පෙළ විභාගයෙන් ද  ලංකාවෙන්ම පස් වැනි ස්ථානයද හිමි කර ගත්තාය.

ඇයගේ මව එල්.කේ එස් එදිරිසූරිය (52) දන්ත වෛද්‍යවරියකි.පියා එච් ජී  චන්ද්‍රසිරි (52) මාතර රම්‍ය මොහොට්ටි  ලය චිකිස්තාගාරයේ වෛද්‍යවරයෙක් වන අතර වැඩිමල් සහෝදරිය වන එච් ජී ශ්‍රීමාලි  කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවියකි.තමාගේද බලාපොරොත්තුව අනාගතයේ වෛද්‍යවරියක්වීම බව ඇය පැවසුවාය.

H.G.Hiruni-udara-02 - Copy SAM_3615 - Copy