පරිවාස නිලධාරිනියකගේ නාන කාමරය හා වැසිකිළිය දෙසට සි.සි.ටි.වි කැමරා යොමු කළැයි ඇය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එසේ කළ බව කියන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවන්ට පරිවාස නිලධාරිනිය මරණ තර්ජන කළැයි ඔවුන්ද පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය කියයි.
කඩුගන්නාව හේනාවල තෙමහල් නිවසක පදිංචි පරිවාස නිලධාරිනියකගේ නිවසේ නාන කාමරය දෙසට සි.සි.ටි.වි කැමරා යොමු කළ බවට කඩුගන්නාව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරික්ෂණ අරඹා ඇතැයි පොලිසිය පවසයි.
සීසීටීවී මගින් රූගත කළා යැයි කියනා දර්ශන ඇත්දැයි පරික්ෂණ සඳහා එම පරිගණක උපාංග මොරටුව විශ්ව විද්‍යාලයට යැවීමට කටයුතු කර ඇති බවත් පරිවාස නිලධාරිනය හා ඇගේ සහෝදරයකු ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන්ට මරන තර්ජනය කිරිම සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන අරඹා ඇත.





