ලෙල්ලොපිටිය පතුල්පාන සමාධි අසපුව මාවත අංක 10/5 ලිපිනයේ පදිංචි දමිදු තත්සර ජයවර්ධන (13) දරුවාට දරුණු අස්ථි ආබාධයක් වැළඳී ඇති අතර දරුවා සුව කරගැනීමට ජූලි 20 දාට පෙර අස්ථි සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරු පවසති.
දමිදු රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ 8 ඊ ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුවෙකි.
ඔහුගේ උකුල් ඇටය ආසන්නයේ හටගත් ගෙඩියක් මීට පෙර කොළඹ ලංකා රෝහලේ දී ඉවත්කළ අතර ඒ ආශ්‍රීතව අස්ථි කොටස ද ඉවත් කොට අස්ථියක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබේ.
එම සැත්කම කිරීමට ලංකාවේ රෝහල්වල පහසුකම් නොමැති අතර සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදි ලක්ෂ 90ක් පමණ වැය වන බවත් වෛද්‍යවරු සදහන් කරති.
දමිදුගේ මව වන මල්කාන්ති ගුරුවරියක ලෙස සේවය නරන අතර පියාට ස්ථීර රැකියාවක් නැත. ඔහුගේ වැඩිමල් සොහොයුරියෝ දෙදෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබති.
රුපියල් ලක්ෂ 90 ක් වැනි මුදලක් සොයා ගැනීමට ඔවුනට වත්කමක් නැත. පරිත්‍යාගශීලින්ගේ ආධාර අපේක්ෂාවෙන් ඩබ්ලිව්.ඒ.මල්කාන්ති හේමචන්ද්‍ර නමින් ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ ගිණුමක් අරඹා ඇත.1035215 ගිණුම් අංකයයි.වැඩිදුර තොරතුරු 071-8125205 දුරකථන අංකයෙන් දැනගත හැකිය.