පිළිගත් දේශපාලන පක්ෂවලින් මැතිවරණවලට ඉදිරිපත් වීමේ දී ඇප තැන්පත් කිරිමේ ක්‍රමය අහෝසි කරන්නැයි විහාරමහදේවී උද්‍යානයේ සිට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට පිරිසක් සමඟ පාගමනින් ගිය ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතාට සංදේශයක් බාර දුන්නේය.