සීයා හැදු වැවට මුණුපුරා බිලි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය වේලාසිය රත්මල්ගස්වැව 20 හැවිරිදි තරුණයකු  ජයම්පති වැවේ මල් කැඩිමට පිහිනා යමින් සිටියදී අද(21) පාසිතුල සිරවිමේන්  ගිලි මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය  කියයි.

මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ වේලාසිය රත්මල්ගස්වැව පදිංචි 20 හැවිරිදි එස් .ඒ.දිලාන් දිල්හාර නැමති දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමල් දරුවා බව කියයි.

ඥාතින් පිරිසක් සමග කැලණිය පන්සල වන්දනා කිරීමට යාම සදහා ජයම්පති වැවෙන් රතු ඕලු කැඩිමට වැවේ පිහිනා යමින් සිටියදි එහි තිබු පැසි තුළ පැටලි සිරවිමේන් පසු ආපසු ගොඩට ඒමට සිරවි ජලයෙ ගිලි මරණයට පත්ව ඇති බව කියයි.

ඔහු ජලයේ ගිලීමෙන් පසු ඔහු සමඟ ගිය අන් අය අවට පිරිස් වෙත කෑ ගසා ආධාර ඉල්ලා ඇති බවත් ගම්වාසින් පැමින දැඩි වෙහෙසක් දරා පාසි තුල සිරවි ජලයෙ ගිලි තිබු දිලාන් ගොඩට ගෙන තිබු නමුත් ඒ වන විටත් ඔහු මෙලොව හැර ගොස් තිබු බව කියයි.

මෙම තරුණයා දියෙ ගිලි මරණයට පත්වු වැව  ඔහුගේ සීයා විසින් ඉදිකල ජයම්පති නමින් හැදින්වෙන වැව බව කියති.