
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ඉලන්තඩිය කසකැලේ මුහුදේ දිය වැලකට හසුවු සීයා හා මුනුපුරෙකු දියේ ගිලි මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිය පදිංචි 60 හැවිරිදි මෙහොමඩ් සයිඩ් කච්චමොහොමදු හා ඔහුගේ මුනුපුරා වන 21 හැවිරිදි මෙහොමඩ් සහිර්කාන් නැමති තරුණයෙකී.
හජ්ජී වෙනුවෙන් සිය මුනුපුරන් හා පවුලේ උදවිය සමග ඉලන්තඩිය වෙරළට පැමිණි ඔවුන්ගේ සීයා මුණුපුරන්ගේ ආශාව ඉටු කිරීමට මුහුදේ නෑමට අවස්ථාව ලබා දී ඇති බව කියයි.
කෙසේ වෙතත් මුනුපුරන් තිදෙනා එකවර දිය වැලකට හසුවි ගසා ගෙන යනු දුටු සීයා මුහුදට පැන පිනා මුනුපුරන් දෙදෙනෙකු ප්‍රදේශවාසින් සමග ඒකවි බේරා ගෙන ගොඩඩ ගෙන ඇති බවත් ඉන් පසුව දිය වැලකට හසුවු අනෙක් මුනුපුරා බේරා ගැනිමට යාමේදි සීයා හා එම මුනුපුරා දිය වැලකට හසුවි නොපෙනි ගොස් තිබු බව කියයි.
සිද්දියෙන් පසු සියාගෙ සිරුර ප්‍රදේශවාසින් එක්වි මුහුදේ ඉලන්තඩිය මුහුදේ තිබි සොයා ගෙන තිබුනී.
දිය වැලකට හසුව අතුරුදහන් වු මුනුපුරාගෙ සිරුර ආලංකුඩාව මුහුදේ පාවෙම්න් තිබියදී ධීවරයින් දෙදෙනකු විසින් ගොඩට රැගෙන විත් තිබු බව කියයි.

