සීමාව ඉක්මවා මසුන් මැරීමේ නිරතවීම හේතුවෙන් ගෝලීය ධීවර කර්මාන්තයට වාර්ෂිකව ඩොලර් බිලියන 80ක පාඩුවක් සිදුවන බව ලෝක බැංකුවේ නවතම වාර්තාවක් සඳහන් කරයි.
කෙසේ වෙතත් ධීවර ක්ෂේත්‍රයේ ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ රැසක් ද පසුගිය සමයේ සිදු ව ඇතැයි ද එම වාර්තාව පෙන්වා දී තිබේ.
මත්ස්‍ය තොග සෞඛ්‍ය සම්පන්න මට්ටමට ගෙන ඒමෙන් පාඩු අවම කරගත හැකි බවත් දිගු කාලීන ආදායම් නිර්මාණය කර ගත හැකි බවත් අදාළ වාර්තාව තවදුරටත් සඳහන් කර ඇත.
ධීවර ක්ෂේත්‍රය තුළ දේශගුණික විපර්යාසවලට අනුකූල වෙනස් කම් කළ යුතු බවත් මුහුදු ආහාර සඳහා ඇති ගෝලීය ඉල්ලුම සපුරාගැනීමට කටයුතු කළ යුතු බවත් අදාළ වාර්තාව නිකුත් කරමින් ආර්ථිකවේදීහු යෝජනා කළහ.

