පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා කමිටු වාර්තාවේ තවදුරටත් පවතින අඩු පාඩු වහාම නිවැරදි කර දෙන මෙන් පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා වෙත ලිපියක් මගින් අද (27) දැනුම් දී ඇත.
මෙම කමිටුවේ අවසන් වාර්තාව පසුගිය නොවැම්බර් 27 වැනි දා එහි සභාපතිවරයා විසින් ඇමැතිවරයා වෙත භාරදුන් බවත් මින් පෙර වාර්තාව පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන බවට අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.

