පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත ඒ.එස්.එම්.මිස්බර් මහතා අත්සන් කිරීම සඳුදා (16) සිදුකරන බව කමිටු සභාපති අශෝක පීරිස් මහතා පැවසීය.
ඒ අනුව සීමා නිර්ණ වාර්තාව මේ මස 17 වැනිදා පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාරදීමට නියමිතය.

