වසර දහයකට වැඩි කාලයක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හා හිරියාල සංවිධායක වූ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සුමේධ කාරියවසම් මහතා අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
වයඹ විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතා අතින් සාමාජිකත්වය ලබා ගත් කාරියවසම් මහතා කීවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බවයි.

