මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෙතෙක් ජයග්‍රණ අත් කර ගත්තේ කට්ටඩියන් ,තොවිල් කාරයන්,මන්තරකාරයන් හා කේන්දරකාරයන් නිසා නොවේ යැයි ද එතුමා ජයග්‍රහණ කළේ දොවොල් දෙවියන්ගේ ආශිර්වාදයෙන් යැයි ද නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සීනීගම දෙවොල් දෙවොලේදී පැවසීය.
‘සුනාමි සිද්ධියෙන් පසු එතුමාට බොරු චෝදනා කරන විට අපි දෙවොල් දෙවියන්ට පොල් ලොරියක් ගැහුවා.දෙවොල් දෙවියන් ජීවමානව වැඩ සිටිනවා.කැපිලි කෙටිලිවලට ගල හරි පැත්තට ගම්මිරිස් ඇඹැරුවොත් හරියට හරි.මම අඹරපු අයට අද යන එනමං නෑ.‘

