සීනිගම දෙවොලටත් හොරු පනිති


හික්කඩුව සීනිගම දේවාලය පෙරදින රාත්‍රි සොරුන් බිඳ රුපියල් පන් ලක්ෂයක පමණ මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.

පෙට්ටිවල එකතුවී තුබූ පඩුරු ගණන් කර වෙනම කමාරයක තබා තිබී ඇති අතර වහලයෙන් ඇතුළු වී ඒවා සොරා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

සොරු හා අපරාධකරුවනට දඩුවම් දීම සඳහා වරු තුනක් මිරිස් අඹරීම ගැන මෙම දොවොල ප්‍රසිද්ධියක් උසුලයි.

මෙම දෙවොල දෙවොල් දෙවියනට කැප කර ඇත.