කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය සීනිගම දේවාලයේ පොල් ගැසීමට සැලසුම් කර ඇති ලබන හය වැනි දා එම අංශය අහෝසි නොකරන ලෙස ඉල්ලමින් ලංකා දේශාභිමානී ජාතික පෙරමුණ ද පොල් ගසන බව එහි සභාපති පුෂ්පකුමාර ද සොයිසා මහතා කියයි.
අම්බලන්ගොඩ සිට දේවාලයට පාගමනින් ගොස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩ ඉදිරියට ද කරගෙන යෑමටත් හොරුන් හා දූෂකයන් පිටු දැකීමටත් දෙවොල් දෙවියන්ට කන්නලව් කරන බවත් ඒ මහතා පවසයි.

