සීනි වලින් පරිස්සම් වෙන්න


රාජය ආයතන හෝ වෙනත් ස්ථාන වල තේපැනින් කෙරෙන සංග්‍රහයන් වලදී සීනි බඳුන් වෙනම තබා ඒවායේ ‘සීනි භාවිතය රෝග රැසකට මුල පුරයි‘ යනුවෙන් අවවාදාත්මක වැකියක් සහිත ස්ටිකරයක් අලවන්නැයි සෞඛ්‍යය අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතන වලට චක්‍රලේඛයක් යවමින් දන්වා ඇත.

ශ්‍රීලාංකිකයින්ගේ සීනි භාවිතය ඉතාම ඉහළ මට්ටමක පවතින බවත් එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝ 30 ක් පමණ භාවිතා කරන බවත් එබැවින් තේ පැන් සංග්‍රහවලදී හෝ වෙනත් ආහාරපාන සංග්‍රහ වලදී හැකිතාක් සීනි භාවිතය අවම කරන්නැයි ජනතාවට උපදෙස් දෙන බවත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක පාලිත මහීපාල කියයි.