සීතාවක මහලු කතක මරා දාලා


සීතාවක නිවසක තනිව විසූ කාන්තාවක බෙල්ල කපා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

හමුදා කර්නල්වරයකුගේ නැන්දණියක වන මෙම කාන්තාව මරණයට මද වේලාවකට පෙර දුරකථන ඇමතුමකට පිළිතුරු දී ඇතැයිද ‘දුවේ ටිකක් ඉන්න‘ යැයි ඇය කියනු ඇසුණු බවද ඒ සමගම ‘කර්නල් මහත්තයා ඉන්නවාදැයි‘ තවත් කෙනකු ඇසූ බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.

ඉන්පසුව දුරකථනය විසන්ධිවූ බවත් ඇය ගෙලෙහි තුවාල සමග ඇඳ ළඟ වැටී සිටි බවත් පොලිසිය පවසයි.