සීතලෙන් බේරෙන්න කසකස්තානයෙන් පිරිසක් එයි


(ටී.කේ.ජී.කපිල)

ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම ප්‍රථම මංගල ගුවන් ගමනට ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ .

මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .