රාත්‍රී කාලයේ දී දිවයින පුරා උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකර මහතා කියා සිටියේ නුවරඑළියේ රාත්‍රී උෂ්ණත්වය ද වෙනත් වසරවල මේ කාලයට සාපේක්ෂව සෙල්සියස් අංශක හතරකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
කොළඹ, කටුගස්තොට, කටුනායක, කුරුණෑගල, මහඉලුප්පල්ලම, පුත්තලම, මඩකලපුව හා රත්මලාන ආදී ප්‍රදේශවල ද රාත්‍රී උෂ්ණත්වය වෙනත් වසරවල මෙම කාලයට සාපේක්ෂව සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ ගොස් ඇත.
ගාල්ල, අනුරාධපුරය, බදුල්ල, කටුනායක හා මන්නාරම ආදී ප්‍රදේශවල උෂ්ණත්වය ද අංශක දෙකකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

