සීතල උයන් පුරයට සදහම් උණුසුම


එංගලන්තයේ ලස්සනම උයන්පුරවරය ලෙසට නම් ලබා ඇති ලේච්වර්ත් නුවර පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන ධම්ම නිකේතනයේ වාර්ෂික කඨින පුජෝත්සවය උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලැබීය. 

බ්‍රිතාන්‍යයේ විවිධ නගරයන්හි පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයන්හි මහා සංඝයා වහන්සේ දොළොස් නමක් සහ විහාරස්ත දායක කාරකාදීන් රැසක සහභාගීත්වයෙන් පැවති  පිංකම් සංවිධානය වුයේ විහාරාධිපති අකුරල සමිත හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

ලේච්වර්ත් ධම්ම නිකේතනයේ දහම් පාසලේ දරු දැරියන් සහ දෙමාපියන් සහභාගීවූ අලංකාර කඨින පෙරහරකින් කඨින වස්ත්‍රය සහ අනෙකුත් පුජ භාණ්ඩ පිංකම වෙත ගෙන එනු ලැබිය.

මහා සංඝ රත්නය පෙරටුකොටගෙන ලේච්වර්ත් නගරය වටා ගමන්කළ එම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික පෙරහර යුරෝපයට අමුතු දර්ශනයක් විය.