සීගිරියේදී මාධ්‍යවේදීන්ට පලා බෙදයි


මහා චක්‍රි සිරින් ද්‍රොං  තායිලන්තයේ රජකුමරියගේ  සීගීරි සංචාරය වාර්තා කිරිමට ගිය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට  අවසර නොදෙන ලෙස  සංචාරක අමාත්‍යංශයෙන්  ජනාධිපති ආරක්ෂක අංශයට දන්වා ඇත.

සීගීය නැරැඹීමට පැමිණි අවස්ථාවේදී  සීගිරිගලේ  සිට මාධ්‍යවේදීනට ආපසු හැරී එන්නට සිදු විය.

තායිලන්ත රජ කුමරිය සමඟ සිගිරි  පැමිණ සිටි විදුලිබල ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගෙන් විමසීමේදී  කියා සිටියේ ලංකාවේ මාධ්‍ය හැසී‍රීමේ ප්‍රශ්නයක් නිසා  මෙවැනි තිරණයක් ගන්නට ඇතැයි තමන් සිතන  බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් රජ කුමරියගේ සීගිරී සංචාරයට  මාධ්‍ය ආවරණයක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව  මාධ්‍යවේදීන් සීගිරීයට ගොස් සිටිය.