සීගිරිය වන උයන වනසලා


සීගිරිය  පිවිසුම් දොරටුව අවට සහ ආරක්ෂක නිවස්නය අසල අලංකාර වැට ඉදිකිරීමට අවශ්‍ය ලී දඬු ලබා ගැනීමට සීගිරිය ආසන්න අභය භූමියේ ගස් අවසරයකින් තොරව කපාදමා ඇතැයි වනජීවී නිලධාරී ධම්මික පෙරේරා මහතා  කියයි.

සීගිරිය පාලනය කරනු ලබන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි

සීගිරිය අභය භූමිය තුල හොඳින් වැඩුණු කඵ මැදිරිය,කනු මැල්ල,සේරු,ඇට්ටේරියා ගස් විශාල වශයෙන් කපාදමා තිබෙනු දක්නට ඇත.

මේ පිළිඹඳව සජිත් විජේසුරිය උද්‍යාන භාර නිලධාරීගෙන් ගස් කැපීම ගැන අපකල විමසීමේදී ඔහු පැවසුවේ වනජීවී අවසරය ගෙන ගස් කැපූ බවයි.

එම අවස්ථාවේ වනජීවී නිලධාරී ධම්මික පෙරේරා මහතා කියා සිටියේ වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව අභයභූමියේ ගසක පොත්තකට හෝ හානී කිරීම නීති විරෝධී බවයි.

වනය වනසා වැට ගැසීම පිළිඹඳව මධ්‍යම අරමුදල සීගිරි කාරයාලයේ ව්‍යාපෘති නිලධාරි උපුල් නිශාන්ත මහතාගේ අපකල විමසීමේදී ඹහු කියා සිටියේ වැටගැසීම තමාගේ නිල කාලයට පෙර සිට සිදු කෙරෙන බවත් වීර ගස්වල අතුවලින් වැටවල් ගැසූ බවත්ය.??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????????????????????????????????????