සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ යතුරු පැදි ධාවන තරග ඉරිදා
ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය මේ මස 4 වැනිදා පෙරවරු 9.00 ට සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
සීගිරිය ධාවන පථය බොරළු, තාර සහ බාධක සහිතව සකසා තිබීම නිසා එහිදී ධාවකයන්ට වේගය පමණකින් නොව සිය හැකියාව, අත්දැකීම් සහ ශිල්පීය දක්‍ෂතාවයන්ගෙන් තරගවැදීමට සිදුවේ.
මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ 11 වැනි ‘සියැට්/ස්ලාඩාර්’ මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ පළමු තරගාවලිය මෙය වේ. එහිදී ශ්‍රී ලංකාවේ පළමුවරට කණ්ඩායම් තරගාවලියක් ද පැවැත්වේ.
ඉසව් 21 කින් සමන්විත තරගාවලියට දිවයිනේ නමගිය සහ ඉන්දීය ධාවකයන් ඇතුළු ධාවකයෝ 120 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. පසුගිය වසරේ ‘ස්ලාඩාර්’ වාර්ෂික සම්මාන උළෙලේදී යතුරුපැදි රේසිං ඉසව්වේ ශූරයා වු ඉන්දීය ධාවක කේ. පී. අරවින්ද් ආබාධයකට ලක්වීම නිසා තරගාවලියට සහභාගිනොවේ.
කෙසේ වෙතත් ඉන්දීය ධාවක සී. එස්. සන්තොෂ් සහ ශ්‍රී ලංකාවේ අංක එකේ මෝටර් ක්‍රොස් ශූරයා වන ගයාන් සඳරුවන් රේසිං ඉසව්වන්ගේ ශූරතාව වෙනුවෙන් තියුණු සටනක් පවතිනු ඇත.
පසිඳු පීරිස්, සජාඞ් සුහයිර්, අරවින්ද පේ‍්‍රමදාස, දිනේෂ් දෙහෙරගොඩ, ජනක ඩයස්, රිස්වි ෆාරොක්, ඇතුළු ධාවකයෝ රැුසක් මෝටර්රථ ඉසව්වන්ගේ වේගවත්ම ඉසව්ව වන සිලින්ඩර ධාරිතාව 3500 දක්වා වන සුපිරි මෝටර් රථ ඉසව්වට සහභාගිවෙති.
ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ සුබසාධන අරමුදලට ආධාර පිණිස තරගාවලිය සංවිධානය කෙරේ.
ලංකා බැංකුව ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන මෙම තරගාවලියට මහජන බැංකුව, සියැට් ඇතුළු සමාගම් රැසක් සම අනුග‍්‍රහය දක්වයි.

