පෙබරවාරි 14 වැනිදාට යෙදුණු පෙම්වතුන්ගේ දිනය දා සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ මඩකලපුවේ සින්නතම්බි උදේනි (27) ජනපති සමාව ලැබ අද (30) අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබීය.
කොණ්ඩ කටුවකින් සීගිරි කැටපත් පවුරේ ‘තෑන්ක් උදයා‘ ලෙස කුරුටු ගෑ එම තරුණියට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා දෙවසරක සිර දඩුවම් නියම කළේය.
ජනපති සමාව යටතේ ඇය නිදහස් කරන්නැයි ඇගේ මව ද ඉල්ලීමක් කර තිබිණි.





