සීගිරිගල පෙනෙන සේ අභය භූමියේ වැව් රක්ෂිතයේ ගස් කොළන් ඩෝසර් කළ ව්‍යාපාරිකයකුට හා සේවකයන් දෙදෙනකුට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යසිරි රුපියල් එක්ලක්ෂ පහළොස් දහසක දඩ නියම කළේය.
ඒ ඒ චමින්ද රෝෂාන් අමරසිංහට හා වයි ඒ ප්‍රසන්න මංජුල වික්‍රමසිංහට රුපියල් පනස්දහස බැගින්ද ජී බී සේනක කුමාරසිරිට රුපියල් පහළොස් දහස් තුන්සියක්ද දඩ නියම විය.
තම හෝටලයට සීගිරි ගල පෙනෙන පරිදි මොවුන් රක්ෂිතයේ ගස් කොළන් කපා ඇතැයි පොලීසිය අධීකරණයට දැන්වීය.