සීගිරිය අභය භූමියේ කැලේ කපා හෝටල් සෑදීමේ ජාවාරමක් හොර රහසේ ක්‍රියාත්මක වෙමින් පවතින බව ගැමියෝ කියති. දියකැපිල්ලේ අක්කර 15ක් 20ක් පමණ වනය කපා දමා ඇති බව ගොවීන් ලෙස වෙස්වලාගෙන එහි ගිය විට දක්නට ලැබිණි.
1990 දී අක්කර 12,500ක් සීගිරි අභය භූමිය ලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කැර ඇත. වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්.පී.ජී.පතිරණ මහතාගෙන් විමසූ විට ඒ මහතා කීවේ තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ විනාශය බැලිමට ගිය බවයි. ඒ සම්බන්ධයෙන් අදාල අංශ දැනුම්වත් කරණ බව ද හෙතෙම කීවේය.





