සීගිරි පලු ගහේ විෂ්ණු දෙයියොයි භද්‍රකාලී මෑණියොයි


අඩි දොළහක වට ප්‍රමාණයකින් යුත් අඩි තිහක් පමණ උසැති පලු ගසක, වසර 17 කට පෙර හෙළ කලාකරුවකු අතින්  සීගිරිය කලා පුරයේදී   විෂ්ණූ දෙවියන්ගේ ප්‍රතිමාවක්ද ,භද්‍රකාලී ප්‍රතිමාවද නෙළා ඇත.

 මෙම දෙවොල ඉදිරිපිට 19 රාත්‍රී සහ 20 අලුයම ශාන්තිකර්මයක් පැවැත්විණි.

රණසිංහ ප්‍රේමදාස මහතා  ජනපති සමයේ සිංහාසනයක් නිර්මාණය කළ  කලාශූරී ආර් කේ විජේරත්න වෙදමහතා පිළිම නෙළීමට වසර දෙකක් ගත කළ බව දැනගන්නට ඇත.

රාත්‍රීයේ දේව කන්නලව් සහ දේව ආභරණ පැලැදැවීමෙන් ආරම්භ කළ‍ මෙම වැඩසටහන 20 වැනි දින අලුයම විෂ්ණූ දෙවියන් උදෙසා නිල් මල් හා කිරි ආහාර පළතුරු පුජා කිරීමෙන් අවසන් විය.

සමස්ත ලෝකවාසී ජනතාවට සාමය හා සෞභාග්‍ය උදා කරලීමේ අරමුණින්  දේව කන්නලව්ව පැවැත්විණි.

දේව ප්‍රතිමා නෙළීමෙන් වසර කිහිපයකට පසු ගස මැරී ගියේය.