සීගිරි නිලධරයන් ගැන සොයන්නැයි ඇමැති ජනක ඉල්ලයි


සීගිරි සිංහ පාදයේ අකුරු කුරුටු ගා විකෘති කිරීමේ සිද්ධිය සහ සීගිරිය භාර මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සංස්කෘතික ඇමැතිවරයාගේ ඉල්ලයි.

ලෝක උරුමයක් වන සීගිරිය රැක ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි නිලධාරීන් උනන්දු වන්නේ කෙසේදැයි මේ සිද්ධියෙන් පෙනෙන බවත්, තමා මේ ගැන දැනගත්තේ ලංකාදීපයෙන් බවත්, එය හෙළිකිරීම ගැන ලංකාදීපයට ස්තුතිවන්ත වන බවත් ඇමැති කියයි.

සීගිරි චිත්‍රවල තාර ගෑමේ සිද්ධිය සමයේ සංස්කෘතික ඇමැති වූයේ තම පියා (පී බී තෙන්නකෝන් මහතා) බවත්, එය ඇසූ සැණින් තම පියා හඩා වැටුණු බවත්, මේ සිද්ධියෙන් තමා ද  දැඩි කම්පාවට පත් වූ බවත් තෙන්නකෝන් මහතා පවසයි.