ඓතිහාසික සීගිරියේ සියලු යකඩ අත්වැල් පඩි පරීක්ෂා කර අඩුපාඩු ඇත්නම් වහාම පිළිසකර කිරිමට තිරණය කළ බව පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක ලංකාදීප ‘එසැණ‘ට කීවේය.
කොළඹ කටුගෙයි ලී පඩිපෙල සිසුන් සමග කඩා වැටී සිසුන් පිරිසක් තුවාල වීමේ සිද්ධියෙන් පසු මේ ථීරණය ගත් බවත් ඔහු කියයි.
දිනකට සාමාන්‍යයෙන් දෙදහසක් පමණ සිසුහු සීගිරි පර්වතය නගිති.