පාසල් සිසුන් පිරිසක් සීගිරි සිංහපාදය කුරුටු ගා ඇති බව සහ සිංහ පාදය අසළ ආරක්ෂාවට කිසිදු නිලධරයකු යොදවා නොතිබීම ගැන ලංකාදීප පුවත්පත්තේ සහ එසැණ වෙබ් අඩවියේ වාර්තා පළ වීම සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු චන්දන වීරසිංහ මහතා දොස් නැගීය.
මාධ්‍යයට අනවශ්‍ය දෙයක් කරලා යැයි ඔහු කීවේය.
මෙය සුළු සිද්ධියක් බවත්, ලංකාදීප වාර්තාකරුවනට නැවත සීගිරියට ඒමට ඉඩ නොදෙන බවත් වීරසිංහ මහතා පැවසීය.
ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යා නිලධරයකු පැවසුවේ මෙය සුළුවෙන් තැකිය නොහැකි බවයි.
මීට පෙර මෙවැනි සිද්ධි වී ඇති බවත්, පාසල් සිසුන් මේවා නැරඹීට එද්දී එහි ඇති පුරා විද්‍යා වටිනාකම හා සිසුන් හැසිරිය යුතු අන්දම කියා දිය යුතු බත්, සිංහ පාදය ළඟ ආරක්ෂකයන් නොයෙදීම ගැන සොයා බැලිය යුතු බවත් එම නිලධරයා පැවසීය.