සිගිරිය අභය භුමියේ සංවිධානාත්මකව කරගෙන ගිය දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට සීගිරි වනජීවි කණ්ඩායමක් සමත් විය.
මුව මස් සමග පුද්ගලයන් හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල වහකෝට්ටේ ප්‍රදේශයේ සිට සිගිරි අභය භූමියට පැමිණ කාලයක් තිස්සේ මෙම දඩ මස් ජාවාරම කරගෙන යන බවට තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.
මුව මස් එළවලු මලු වලට මැදි කොට අලෙවි කිරීම සදහා බස් රථයකින් රැගෙන යමින් සිටියදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ලද තොරතුරු මත අභය භුමියේ නවාතැන් ගෙන සිටි තවත් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.



