සීගිරි බිතු සිතුවම් ලෙනෙහි බදාම තට්ටුවක් ගැලවී වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමති අකිල විරාජ් කාරියවසම් අද (02) සීගිරියට ගියේය.
ඔහු අදාල බළධාරීන්ගෙන් සංරක්ෂණ කටයුතු පිළිබඳ විමසන විට බළධාරීන් කියා සිටියේ බදාම තට්ටුව දිරාපත්දැයි බැලීමට අතින් තට්ටුකර බලන බවයි.
අතින් තට්ටු දමා මෙවැනි ඉපැරණි සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කළ නොහැකි බවත් ඒ සඳහා කඩිනමික් දෙස් විදෙස් විශේෂඥ දැනුම උපයොගී කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතු බවත් පැවසීය.





