සීඅයිඩිය මහින්දගේ ආරක්ෂක ලොක්කාගෙන් ප්‍රශ්න කරයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොමාන්ඩෝ ආරක්ෂක ඒකකයේ ප්‍රධානී කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (7) පැය 5 කට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.

පසුගිය 25 අගුණකොළපැලැස්සේ පැවැති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ ශ්‍රීලනිප රැස්වීමකට පිස්තෝලයක් රැගෙන පැමිණ සිටි  යුද හමුදා කෝප්‍රල්වරයකු අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 15 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇතැයිද පොලිස් ආරංචි කියයි.