‘රනිල් මෛත්‍රී ගිවිසුම‘ ගැන රහස් පොලිසිය එජාපයේ හිටපු මහ ලේකම් හා සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලියා ගත්තේය.
කොළඹ පිහිටි ඔහුගේ නිවසට ගිය රහස් පොලිස් කණ්ඩායමක් පැය එක එමාරක් පමණ ප්‍රශ්න කළ බව ද පොලිසිය පවසයි.
මෙවැනි ගිවිසුමක් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිට ලිපියක් යවමින් කියා සිටියේ තමාගේ අත්සන එහි හොරට ගසා ඇති බවයි.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඒ ගිවිසුම බොරුවක් බව ප්‍රකාශ කරමින් තිස්ස අත්තනායකගෙන් රුපියල් කෝටි 250ක් ඉල්ලා එන්තරවාසි යවා ඇත.

