සීඅයිඩිය ඇමති රාජිතගෙන් ප්‍රකාශයක් ගනී


ඇවන්ගාඩ් අධිපතිගෙන් මුදල් ලබා ගත්තාදැයි රහස් පොලිසිය අද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කළේය.

සවස 6ට ප්‍රශ්න කිරීම ඇරැඹි අතර රාත්‍රී 7.45 වන විටත් ප්‍රශ්න කරීම අවසන් කර නොතිබිණි.

ඇවන්ගාඩ් අධිපති නිශ්ශංඛ සේනාධිපතිගෙන් මුදල් ඉල්ලූ බව හා මුදල් ලබා ගත් බවට කර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයන්නැයි ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග මහත්වරු පසුගිය දා පොලිස්පතිට පැමිණිලි කළහ.

අර්ජනු රණතුංග මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති රහස් පොලිසිය ඇමැති රණවක මහතාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.