සී ෆෝ බෝම්බයක් කොස්ගොඩ


කොස්ගොඩ වෙලංගොඩ පාලු ගෙයකින් අධි බලැති පුපුරන ද්‍රව්‍ය යෙදූ බෝම්බ ඇඳුමක් වැනි දෙයක් සොයා ගත් බව පොලිසිය කියයි.

කොටි සංවිධානය මෙවැනි උපකරණ වලින් මහා විනාශයක් කල බවත් මෙම උපකරණයෙන් ගෙයක් හෝ වාහනයක් මුළුමනින්ම විනාශ කළ හැකි බවත් පොලිසිය පවසයි.

හමුදාවෙන් පැනගිය සෙබලෙකු හෝ දකුණේ පාතාල සාමාජිකයෙකු මෙම උපකරණ එම පාලු නිවසේ තබන්නට ඇතැයි සැක කරන බව පොලිසිය කියයි.